ජලනි ප්‍රේමදාසට ගුවන් හමුදාවෙන් උත්තමාචාරයක්?
2019 ජනාධිපතිවරණය සමයේ සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති රැස්වීමක් අතරතුර තමන් සජිත් ප්‍රේමදාසගේ ආර්යාව බව ප්‍රකාශ කිරීම හේතුවෙන් දැඩි දැඩි අන්දෝලනයකට ලක්ව සිටි සජිත් ප්‍රේමදාසගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස සම්බන්ධ වූ සිදුවීමක් යළිත් ආන්දෝලනාත්මක වී තිබෙනවා. ඒ යාපනයේ රැස්වීම් සඳහා සහභාගී වීමට එහි ගිය අවස්ථාවේ දී ඇය ගමන් කරද්දී ගුවන් හමුදාව විසින් ආචාර මුරයක් පැවැත්වීම සහ පසුව ඇයව පිළිගැනීම සම්බන්ධයෙනි.
මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කර තිබුණේ අදාළ ආචාර මුරය පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් සම්බන්ධයෙන් පැවැත් වූ බවයි. නමුත් අදාළ පිරිස ගමන් කිරීමේ දී එහි ප්‍රමුඛතාවය තිබුණේ ජලනි ප්‍රේමදාසට වන අතර ජී.එල්. පීරිස් ඇය පිටුපසින් සාමාන්‍ය ආකාරයෙන් ගමන් කළ අතර පසුව පිරිසක් විසින් ජලනි ප්‍රේමදාසට මල් කළඹක් හා සංස්කෘතික අංගයක් පවත්වමින් පිළිගන්නා අයුරුද අදාළ වීඩියෝවේ දැක්වෙයි. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එවැනි පිළිගැනීමක් නොලැබුණු බව ද එම වීඩියෝ දර්ශනයෙන් පෙනෙන්නට තිබේ.