NewsTop Stories

මෙරට අවම වැටුප රුපියල් 21,000 තෙක් වැඩි කරන පනතට කතානායක අත්සන් තබයි

පාර්ලිමේන්තුවේ දී සම්මත වී තිබූ සේවකයන්ගේ අවම වේතනය පනත සංශෝධනය සඳහා ඉදිරිපත් කළ කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක මහින්ද යාපා අබේවර්ධන සිය සහතිකය සටහන් කළේය.

2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීම සඳහා වූ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දෙවන වර කියවීමේ විවාදය පසුගිය සැප්තැම්බර් 03 දින පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. එහිදී මෙම පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව සම්මත විය.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2024 අංක 48 දරන සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත ලෙස හැඳින්වේ. මේ අනුව මෙරට පෞද්ගලික හෝ රාජ්‍ය අංශයේ සේවකයින්ගේ අවම වේතනය රුපියල් 21,000ක් හෝ ඊට වැඩි විය යුතුය.

ඒ අනුව සේවක භාරකාර අරමුදල, සේවක අර්ථසාධක අරමුදල් සහ පාරිතෝෂික ගෙවීමේ දී අවම වැටුප බවට එය සැලකිය යුතු බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනය කරයි.

පුද්ගලික අංශයේ සේවා යෝජකයින් සිය සේවකයින් සඳහා මේ වසරේ සැප්තැම්බර් මාසයේ සිට ජාතික අවම මාසික වේතනය වශකයෙන් රුපියල් 17,500ක් සමග 2005 අංක 36 හා 2016 අංක 4 දරන අය වැය සහන දීමනා පනත් මඟින් ගෙවිය යුතු රුපියල් 3,500ක අය වැය දීමනා ඇතුළු රුපියල් 21,000ක අවම වේතනයක් මාසිකව ගෙවිය යුතු බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *