දෙවන මනාපය සජිත්ට දෙන්න, රෝහිණි කවිරත්න පිරිසකගෙන් ඉල්ලයි
ජනතා විමුක්ති පෙරමුණ බලය ලබාගෙන සිදුකරන බව කියන දේවල් අනුව නම් මාස හයක් යන්නට ඉස්සර රට නැවත සැරයක් බංකොලොත් වීම සක්කරයාටවත් නැවැත්විය නොහැකි වනු ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න පවසයි. එසේම 2024 ජනාධිපතිවරණයේ දී සිය දෙවැනි මනාපය සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ලබා දෙන ලෙස පොහොට්ටුවේ ලේබල් වැදුනු සැමගෙන් ඉල්ලා සිටින බව ද මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කළා.
සැප්තැම්බර් 03 දින නිකුත් කරන ලද නිවේදනයක වැඩිදුරටත් සඳහන් වන්නේ “රටේම ඉන්න එජාපයේ අය, රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කැම්පේන් කරන අයත්, අනිවාර්යයෙන්ම දෙවැනි මනාපය හරි සජිත් ප්‍රේමදාසට දෙනවා. පොහොට්ටුවේ ඉතිරිවෙලා ඉන්න අපේ ගරු මන්ත්‍රීතුමන්ලා විතරක් නෙවෙයි, ගමේ ඉන්න, පොහොට්ටුවේ ලේබල් වැදුණු හැමෝටම කියන්න තියෙන්නේ, දෙවන මනාපය නොවරදවාම සජිත්ට දෙන්න කියලා. නාමල්ටවත්, රනිල්ටවත් මේ රටේ මිනිස්සු බේරාගන්න බෑ. ඒක කරන්න පුළුවන් සජිත්ට විතරයි. මේ රට විනාශයට යන එක නවත්වන්න විතරක් නෙවෙයි, ජවිපෙට විරුද්ධ මතයක් දරන අයගේ ගෙවල්, ජීවිත බේරලා දෙන්න පුළුවන් වෙන්නෙත් මේ ඡන්දයේ දී “තඹුත්තේගම දෙවන ගෝඨාභය” පරද්දලා අනිවාර්යයෙන්ම ජනපති වෙන සජිත් ප්‍රේමදාසට විතරයි.’’ බවයි.