2024 Presidential ElectionPoliticsTop Stories

මෙන්න තවත් ප්‍රතිඵලයක් – අනුර කුමාර 374,947යි, සජිත් ප්‍රේමදාස 164,233යි

2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් අතරින් සිය නිල යූ ටියුබ් චැනලය හරහා එළි දැක්වූ මැතිවරණ තේමා ගීත අතරින් වැඩිම පිරිසක් නරඹා ඇති තේමා ගීතය වී ඇත්තේ ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක වෙනුවෙන් නිර්මාණය වූ ගීතයයි.

අද මුළු රට, එක මිටකට, සුබ නැකතට, රට අනුරට ගීතය මේ වනවිට නැරඹුම්වාර 374,947 පසු කර තිබෙන අතර එය අගෝස්තු 26 දින එළි දක්වා තිබෙනවා. දෙවැනියට වැඩිම නැරඹුම්වාර සංඛ්‍යාවක් ලබාගෙන ඇත්තේ සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් නිර්මාණය කරන ලද ගීතයයි. එම ගීතය මේ වනවිට ලබා පසුකර ඇති නැරඹුම්වාර ප්‍රමාණය 164,233ක් වන අතර එය අගෝස්තු 08 එළි දක්වා තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ සහ නාමල් රාජපක්ෂ යන අපේක්ෂකයින් විසින් නිල යූ ටියුබ් නාලිකා හරහා සිය ගීත ප්‍රචාරය කර නැති අතර ඔවුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ගීත වෙනත් නාලිකාවන් හරහා ප්‍රචාරය කර තිබෙනවා.

එම ගීත සියල්ල පහතින් නැරඹිය හැක. මෙම නැරඹුම්වාර ප්‍රමාණය ගණනය කරනු ලැබුවේ 2024 සැප්තැම්බර් මස 16 දින පස්වරු 6ට වන බව කාරුණිකව සළකන්න.

අද මුළු රට, එක මිටකට, සුබ නැකතට, රට අනුරට

පුනරුද යුගයක ඇරඹුම කරා යන, ජාතික ජනබලවේගය අපේ පණ – අපේ පණ මාලිමාව

නිවහල් රටකින්

සැරසෙන්

පුළුවන් ශ්‍රි ලංකා

නොමැකෙන ජය මඟක ඇරඹුම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *