නව ජනපතිට ඉඩ දී සැප්තැම්බර් 23 සිට අමාත්‍යංශ ලේකම්වරුන් රැසක් විශ්‍රාම යාමේ සූදානමක්!
2024 ජනාධිපතිවරණයෙන් පසු පත්වන ජනාධිපතිවරයාට අවශ්‍ය ආකාරයෙන් කටයුතු කිරීමට ඉඩ සළසා දෙමින් දැනට අමාත්‍යංශ ලේකම්වරුන් ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් විශ්‍රාම යාම සඳහා සූදානමින් සිටින බව වාර්තා වේ.
අමාත්‍යංශ ලේකම්වරුන් 20කට අධික පිරිසක් මෙලෙස විශ්‍රාම යාම සඳහා සූදානම් වන අතර ඔවුන් බොහෝ දෙනෙකු මේ වනවිටත් ඊට අදාළ ලේඛන ඉදිරිපත් කර ඇති බවත්, අනෙකුත් අය සැප්තැම්බර් 23 දින එම ලේඛන ඉදිරිපත් කිරීමටත් සූදානමින් සිටින බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.
ඒ අනුව, මේ දිනවල අමාත්‍යංශවල අවසන් නොකර තිබූ රාජකාරි අවසන් කරමින් සිය රාජකාරි අවසන් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත්, දින 4ක නිවාඩුව නොතකා එම නිලධාරීන් අමාත්‍යංශ වෙත පැමිණ අවශ්‍ය කටයුතු සිදුකරන ලද බවත්, වැඩිදුරටත් වාර්තා වේ.