2024 Presidential ElectionPoliticsTop Stories

සජිත් මුළු මැතිවරණය තුළම ජාතිවාදී ආගම්වාදී සටන් පාඨ දියත් කළා – අනුර කළුතර දී කියයි

තම පාලනයක් තුළ ජාතිවාදයට, ආගම්වාදයට හා ගෝත්‍රවාදයට ඉඩක් නොමැති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

සැප්තැම්බර් 18 දින කළුතර පැවැති අවසන් ජන රැලි මාලාවේ ජනරැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“ආරම්භයේදීම අපි වෙනස්කම් රැසක් පෙන්වන්න ඕනේ. නව දේශපාලනයක් ලංකාවේ නිර්මාණය කරනවා. රට තුළ ජාතිවාදයට, ආගම්වාදයට අපි කිසිම ඉඩක් දෙන්නේ නැහැ. ආගම්වාදී ගැටුම් මීට පස්සේ ලංකාවේ තියෙන්න බැහැ.” එසේම සජිත් ප්‍රේමදාසගේ සම්පූර්ණ මැතිවරණයම මෙහෙයවූයේ ජාතිවාදය ආගම්වාදය මත යැයි ද අනුර කුමාර දිසානායක සඳහන් කළා.

මෙහිදී අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස සඳහන් කළේ සජිත් ප්‍රේමදාස යනු බියගුළු දේශපාලනඥයෙකු බවයි. කිසිඳු වාදයකට හෝ සංවාදයකට සහභාගී නොවන සජිත් අනුරට බිය වීම සාමාන්‍ය වුවත් මාධ්‍යවේදියෙකු වූ කලිඳුට බිය වන්නේ ඇයිදැයි විමසා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *