පුළුවන් නම් නඩු පවරන්න, නිර්දෝෂීභාවය ඔප්පු කරන්න සූදානම් – නාමල් ගාල්ලේ දී කියයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නීතිඥ නාමල් රාජපක්ෂගේ ජය තහවුරු කිරීම සඳහා වන රැලියක් සැප්තැම්බර් 18 දින ගාල්ල ප්‍රදේශයේ දී පැවැත්වූ අතර රාජපක්ෂවරුන් මහජන මුදල් සොරකම් කර නොමැති බව ඕනෑම අධිකරණයක් ඉදිරියේ ඔප්පු කිරීමට තමන් සූදානම් බව එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ සඳහන් කළා..
“යහපාලන ආණ්ඩුව සිතුවා මත්තල හැදුවේ වී ගබඩා කරන්න කියලා. සූරියවැව ක්‍රීඩාංගණය වහලා දැම්මා. අපිව හිරේ දැම්මට අපි සොරකම් කරලා නැහැ. පුළුවන්නම් අපිට නඩු පවරන්න. නිර්දෝෂි භාවය ඔප්පු කරන්න සූදානම්. හැමෝගෙම අතින් අඩුපාඩු වෙනවා. අපි අඩුපාඩු හදාගන්නම්.” යැයි නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළා.