2024 Presidential ElectionPoliticsTop Stories

මම මේ ඡන්දෙට එන්නේ මූලික යුතුකම් ඉටු කරලා – රනිල් ගාල්ලේ දී කියයි

සති දෙකක් තුළ රට නිල වශයෙන් බංකොලොත්භාවයෙන් මිදෙන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසනවා.

සැප්තැම්බර් 18 දින ගාල්ලේ දී පැවති ”පුළුවන් ශ්‍රී ලංකා” ජන රැලිය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

“මම IMF සංවිධානයත්, ලෝක බැංකුවත්, ආසියානු සංවර්ධන බැංකුවත් එක්ක සාකච්ඡා කළා. අපේ වගේ මධ්‍යම ආදායම් ලබන රටකට සුදුසු ගිවිසුමකට පැමිණියා. දැන් බංකොලොත්භාවය නැති කරන්න තුන්වැනි කණ්ඩායම සමගත් ගිවිසුමකට එළැඹිය යුතුයි. ඒ තමයි පුද්ගලික බැඳුම්කරුවන්. ඒ ගිවිසුමත් හෙට වෙනකොට අවසන් කරනවා. එහෙමනම් මම මේ ඡන්දෙට එන්නේ මූලික යුතුකම් ඉටු කරලා. මේ රටේ බංකොලොත්භාවය නැති කරන නිල තත්ත්වයට ඇවිත් තියෙන්නේ.”

“IMF අධ්‍යක්ෂකවරිය කිව්වා මේවා අපි මාරු කරන්නේ නැහැ කියලා. ඡන්දෙ ඉවරවෙලා සති දෙකකින් ඔවුන් එනවා මේ වැඩකටයුතු ඉවර කරන්න. එතකොට කියන්න යනවා බංකොලොත්භාවය අවසන් කියලා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *