පළමු ස්වෙච්ඡා ජනපතිට බවට පත්වෙනවා – සජිත් කොළඹ දී කියයි
ජනතා වරමකින් තෝරා ගන්නා පළමු ස්වෙච්ඡා ජනාධිපති බවට තමන් පත්වෙන බව සමගි ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.
සැප්තැම්බර් 18 දින කොළඹ ටවර් රඟහල ඉදිරිපිට පැවති අවසන් ජන රැලියට සහභාගී වෙමින් සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියා.
”මේ රට විනාශ කරපු හොරු ටික නීතිය ඉදිරියට ගෙනිහිල්ලා, මේ රටේ වන්දි ගෙවන තත්ත්වයකට ගෙන එනවා. ඒ විතරක් නෙමෙයි, රටට අහිමි කරපු සම්පත්, මුදල් රටේ දියුණුව උදෙසා ලබා ගන්නවා.” යැයි ද සජිත් ප්‍රේමදාස කියා සිටියා.