නිහඬ කාලය තුළ රූපවාහිනී නාලිකාවක් බරපතල ලෙස මැතිවරණ නීති උල්ලංඝනය කරයි
2024 ජනාධිපතිවරණය පැවැත්වීමට තවත් පැය 55ක් පමණක් ඉතිරිව තිබිය දී සියලු ප්රචාරක කටයුතු අවසන් කළ යුතු බවත්, ඉන්පසු අවසන් දිනයේ පැවති දේශපාලන පක්ෂවල රැලි සම්බන්ධයෙන් වන පුවත් පසුදා උදෑසන පළ කරන පුවත්පත්වල සහ විද්‍යුත් නාලිකාවල දහවල් 12ට විකාශය කරන පුවත් ප්‍රකාශයේ දී පමණක් විකාශය කළ හැකි බව මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කර තිබුණා. කෙසේ නමුත් පසුව දිනය තුළ එක්වරක් පමණක් ප්රවෘත්ති විකාශයක එම පුවත් පළ කිරීමට මැතිවරණ කොමිසම අවසර ලබා දී තිබුණා.
මේ අනුව, මහජන සංඛ්‍යාත භාවිතා කරන ප්‍රධාන පෙළේ රූපවාහිනී නාලිකාවක් විසින් දේශපාලන රැලි සම්බන්ධ පුවත් රාත්‍රී 6.55 පුවත් විකාශයෙන් දේශපාලන රැලි විකාශය කළ අතර විනාඩි 15කට අධික කාලයක් එක් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීමට සහ එම අපේක්ෂකයාගේ වේදිකාවේ කතා මගින් අනෙකුත් අපේක්ෂකයින් අගතියට පත්වන ආකාරයටත් විකාශය කිරීමට කටයුතු කළ අතර අනෙකුත් අපේක්ෂකයින්ට විනාඩි 4,3,2 වැනි කාලයක් පමණක් ලබා දීමට කටයුතු කර තිබුණා. එහිද විශේෂත්වය වන්නේ එම නාලිකාව විසින් අනියමින් ප්‍රවර්ධනය කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් අනෙකුත් අපේක්ෂකයින් පළ කරන අදහස් විකාශය නොකිරීමට කටයුතු කිරීමත්, අනෙකුත් අපේක්ෂකයින්ගේ කතා මගින් වෙනත් අපේක්ෂකයින්ට අගතියක් වන ප්‍රකාශ පමණක් උපුටාගෙන විකාශය කිරීමයි. මෙය ඍජුවම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් වන අතර මෙම නාලිකාව විසින් මැතිවරණ නීති උල්ලංඝනය කරන බවට මැතිවරණ කොමිසම වෙත පැමිණිලි රාශියක් ද ලැබී තිබුණු පසුබිමක මෙම කටයුත්ත සිදුකර තිබෙනවා.
එම නාලිකාවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම මෙතෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගත් බවක් පෙනෙන්නට නොමැති අතර එම නාලිකාව මැතිවරණ නීතියටත් ඉහළින් සිටින බවක් නිරීක්ෂණය කළ හැක.