ඡන්දෙටත් කලින්ම බැසිල් සහ ගෝඨා රන් මාවත ඔස්සේ රටෙන් යයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සැප්තැම්බර් 20 දින අලුයම 3ට පමණ ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගිය ගුවන් යානයකින් ගිය බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සනාථ කළේය.
ඒ අනුව, ඔහු ඇමෙරිකානු ඩොලර් 206 ක මුදලක් ගෙවා “රන් මාවත” (Gold Route) පර්යන්තයේ පහසුකම ලබා ගනිමින් විදෙස් ගත වූ බව වැඩිදුරටත් වාර්තා වේ.
මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද අද අලුයම විදෙස් ගත වී ඇති බව වාර්තා වේ.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ තවත් මැති ඇමතිවරු රැසක් අද සහ හෙට විදෙස්ගත වීම සඳහා සූදානමක් ඇති බවයි.