2024 Presidential ElectionNewsTop Stories

21 හා 22 මත්පැන් ගන්න පුළුවන් තරු 3න් උඩ හෝටල්වලට සහ බුටික් විලාවල නේවාසිකයින්ට පමණයි

2024 ජනාධිපතිවරණයේ ජන්ද විමසීම හේතුවෙන් මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍රලත් ස්ථාන වසාදමන බව සුරාබදු දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව සැප්තැම්බර් 21 සහ 22 යන දෙදින තුළ සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් තරු පන්තියේ තරු තුනට (3 Stars) ඉහළ සුරාබදු ර.බි 7 බලපත්‍ර සහිත හෝටල් හා විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් ස්ථාන වල නේවාසිකව රැඳී සිටින පුද්ගලයින් සඳහා පමණක් මත්පැන් නිකුත් කිරිමට අවසර ලබාදී තිබෙනවා.

දිවයින පුරා පිහිටි සෙසු සියලුම සිල්ලරට මත්පැන් විකිණිම සිදුකෙරෙන ස්ථාන සඳහා වූ සුරාබදු බලපත්‍රලත් මත්පැන් හල් වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් එම ස්ථාන වෙත නියෝග කර තිබෙනවා.

විශේෂයෙන් ජනාධිපතිවරණ කාලසීමාව තුළ සිදුවන එම නීතිය කඩ කරන ස්ථාන, මත්ද්‍රව්‍ය අපරාධ හා දුම්කොල අපරාධ සම්බන්ධ පැමිණිලි භාරගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත කෙටි දුරකථන අංකය වන 1913 දවසේ පැය 24 පුරා මහජනතාව වෙත විවෘතව තැබෙන බව ද සුරබදු කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *