2024 Presidential ElectionNewsTop Stories

නව අගමැතිවරයෙකු පත් කිරීමට අවස්ථාව දී දිනේෂ් ගුණවර්ධන ඉල්ලා අස්වෙයි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිය ධුරයෙන් ඉල්ලා වී තිබෙනවා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් එම දැනුම් දීම සිදුකර තිබේ.

සැප්තැම්බර් 21 දින පැවති ජනාධිපතිවරණයෙන් මෙරට 9 වන විධායක ජනාධිපතිවරයා තේරී පත්ව ඇති බැවින් නව ජනාධිපතිවරයාට තීරණයක් ගැනීමට ඉඩ සළසමින් ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (2) ආ වගන්තිය ප්‍රකාරව, (කැමැත්තෙන් ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් ධූරයෙන් ඉල්ලා අස්වීම) තමා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ ලිපියේ සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *