අනුර දිවුරුම් දෙද්දිම කෝටි ගණනක් ඉතුරු කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී චාම් උත්සවයකින් දිවුරුම් දීම හේතුවෙන් රුපියල් කෝටි ගණනක් ඉතිරී වී තිබෙන බව වාර්තා වේ.
මීට පෙර පත්වූ ජනාධිපතිවරුන් වෙනත් ස්ථානවලදී දිවුරුම් දීම හේතුවෙන් ඒ සඳහා ආරක්ෂක වියදම්, උත්සව සැළසුම් වියදම්, ප්‍රවාහන වියදම් සහ අනෙකුත් කටයුතු සඳහා වන වියදම් රුපියල් කෝටි ගණනක් වූ බවත්, ඒ සඳහා සහභාගී වීමට නිලධාරීන්, අමාත්‍යවරුන් සහ වෙනත් පුද්ගලයින් වෙනුවෙන් ද අධික වියදමක් දැරීමට රජයට සිදුව ඇති බවත් පැවසේ. මෙවර අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දීම හේතුවෙන් එම සමස්ථ වියදම ඉතිරී වී තිබෙන බව රජයේ ප්‍රකාශයෙකු සඳහන් කළේය.