ජනපති අනුර නව ලේකම්වරුන් 3ක් පත් කරයි, තුනම පරිපාලන සේවයට පිටින්
ජනාධිපති ලේකම්, ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හා මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් යන ධූර සඳහා නව නිලධාරීන් 3 දෙනෙකු පත් කර තිබෙනවා.
ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිය පළමු පත් කිරීම ලෙස ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ රේගු අධිකාරිවරයෙකු වන නන්දික කුමානායක මහතා පත් කළේය.
පසුව ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් නන්දික කුමානායක මහතා විසින් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල්වරයෙකු වූ සම්පත් තුයියකොන්ත මහතාත්, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ රවී සෙනෙවිරත්න මහතාත් පත් කර තිබේ.
ඒ අනුව, ජනාධිපති අනුර දිසානායක මහතා විසින් සිදුකරන ලද පළමු පත් කිරීම් තුනටම ශ්‍රී ලංකා පරිපාලන සේවයට අවස්ථාවක් හිමි වී නොතිබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් දැඩි කණස්සල්ලකට පත්ව සිටින බව වාර්තා වේ.