ආචාර්ය හරිණි අමරසූරිය අගමැතිවරිය ලෙස දෙයි
ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්රීනී ආචාර්ය හරිණි අමරසූරිය මහත්මිය අග්‍රාමාත්‍යරිය ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ දිවුරුම් දී තිබේ. අග්රාමාත්යධූරයට අමතරව ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය අධිකරණ, අධ්‍යාපන, කම්කරු, කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ, සෞඛ්‍ය සහ ආයෝජන අමාත්‍යවරිය ලෙසත් දිවුරුම් දී තිබෙනවා.
සැප්තැම්බර් 24 දින පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඇය එම ධූරයේ දිවුරුම් දුන්නේ අගමැතිධූරයට පත්වන මෙරට 3 වැනි කාන්තාව ලෙසත් අගමැතිධූරයට පත් 16 වැනි තැනැත්තා ලෙසත් ය.
සමාජ විද්‍යාව පිළිබඳ ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයෙන් සිය මූලික උපාධිය ලබාගත් ඇය මර්කරි විශ්වවිද්‍යාලයෙන් පශ්චාද් උපාධියත්, එඩින්බර්ග් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියත් හිමිකරගෙන තිබෙනවා. දේශපාලනයට පිවිසීමට පෙර ඇය විවෘත විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරියක් ලෙස සේවය කරනු ලැබුවා.