පාර්ලිමේන්තුව විසුරුවා හැරේ, මැතිවරණය නොවැම්බර් 14
සැප්තැම්බර් 24 දින මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමටත්, ඔක්තෝබර් මස 04 දින සිට ඔක්තෝබර් මස 11 වන දින දක්වා කාලය තුළ නාමයෝජනා භාරගැනීමටත්, නොවැම්බර් මස 14 දින මහමැතිවරණය පැවැත්වීමටත්, නව පාර්ලිමේන්තුව නොවැම්බර් 21 දින රැස්වීමටත් නියම කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
