ආලෝක බණ්ඩාර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්ධූරයට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එස්. ආලෝක බණ්ඩාර මහතා පත් කර තිබෙනවා. ඔහු මීට පෙර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ රාජ්‍ය පරිපාලන අංශයේ අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වේ.
අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතා විසින් අද (03) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දුන්නේය.
මීට පෙර එම ධූරයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරන ලද එහි හිටපු ලේකම් ප්‍රදීප් යසරත්න මහතා හදිසියේම සිය ධූරයෙන් විශ්‍රාම යාම හේතුවෙන් මෙලෙස නව ලේකම්වරයෙකු පත් කර තිබෙනවා.