නීතිපති දෙපාර්තමේන්තුවට රජයේ අධිනීතිඥවරුන් බඳවා ගැනීම අත්හිටුවන්නැයි ඉල්ලා රිට් පෙත්සමක්
නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ අධිනීතීඥ තනතුරු සඳහා පසුගිය දා සිදුකෙරුණු බඳවා ගැනීමේ ක්‍රියාවලියේ දී අක්‍රමිකතා සිදුව ඇති බවට චෝදනා කරමින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ. සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියෙන් තෝරාගත් අපේක්ෂකයින්ගේ නම් ඉවත් කර ඒ වෙනුවට සම්බන්ධකම් ඇති පුද්ගලයින් බඳවා ගැනීමෙන් එම ක්‍රියාවලියේ පාරිදෘෂ්යභාවයට හානි කර ඇති බව පෙත්සමෙන් කියා සිටී.
නීතිපති දෙපාර්තමේන්තුවට රජයේ නීතිඥවරු 23ක් බඳවා ගැනීමට පසුගිය වසරේ දෙසැම්බර් 29 දින සිට මේ වසරේ ජනවාරි 22 දක්වා කාලය තුළ අයදුම්පත් කැඳවා තිබුණු අතර ඒ සඳහා අයදුම්පත් 800ක්ද ලැබී තිබූ බව එම පෙත්සමෙන් දක්වා ඇත. එහෙත් මූලික සුදුසුකම් සපුරා නොමැති අයදුම්පත් 200ක් පමණ ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඉතිරි 600 දෙනා දින 30කට ආසන්න කාලයක් වැය කරමින් සම්මුඛ පරීක්ෂණයක් පවත්වා ඇති අතර එම සම්මුඛ පරීක්ෂණයෙන් අනතුරුව අවසන් සම්මුඛ පරීක්ෂණයක් සඳහා 46 දෙනෙකු තෝරාගෙන ඇති බව එම පෙත්සමේ සඳහන් කර ඇත.
කෙසේ වෙතත් 23 දෙනෙකු බඳවා ගැනීම සඳහා 46 දෙනෙකු අවසන් සම්මුඛ පරීක්ෂණයට කැඳවීමට අවශ්‍ය වුවත් බඳවා ගන්නා ප්‍රමාණය හදිසියේම ඉහළ දැමීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති අතර එහිදී 76 දෙනෙකු සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීම සිදුකර තිබෙන බව පෙත්සමේ සඳහන් වේ. මෙහිදී ඒ සඳහා නිසි ක්‍රමවේදය අනුව පැවති සම්මුඛ පරීක්ෂණයෙන් තෝරාගත් අපේක්ෂකයින් වෙනුවට හිතවතුන්ගේ නම් යොදා ගනිමින් 38 දෙනෙකු තෝරාගෙන ඇති බව මෙම පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.
එහිදී නිසි ක්‍රියාදාමයට අනුව සියලු කටයුතු සිදු වුවද බඳවා ගැනීමේදී සුදුසුකම් ලැබූ නීතිඥවරු නොමැතිව වෙනත් අය බඳවා ගැනීම යුක්ති මූලධර්මයන්ට පටහැනි බැවින් ලබා දුන් සියලුම පත්විම් තහනම් කරමින් රිට් අඥාවක් නිකුත් කරන ලෙස එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙන බව වාර්තා වේ.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා , රජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති, හිටපු නීතිපතිවරයා, සොලිසිටර් ජනරාල්වරයා ඇතුලු පාර්ශ්ව 53ක් නම් කර තිබෙනවා.
කෙසේ වෙතත්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කළ 38 දෙනෙකුගේ ලැයිස්තුවක් මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇති අතර ඔවුන් 2024.10.07 දින සිට රාජකාරි ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
එම ලැයිස්තුව පහතින්.
Recruitment to the post of State Counsel at the Attorney – General’s Department by Rivira Media on Scribd