ගොවීන්ට පොහොර සහනාධාරය දෙන්න මැතිවරණ කොමිසම විරුද්ධ නැති බව දන්වයි
ගොවීන් වෙත පොහොර සහනාධාරය ලබා දීම සම්බන්ධයෙන් විරෝධයක් නොමැති බව මැතිවරණ කොමිසම විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ වෙත දැනුම් දී තිබෙනවා. ඒ අනුව, හෙක්ටයාරයකට රුපියල් 25,000ක් බැගින් ගොවීන් වෙත ලබා දීමට ජනාධිපති අනුර දිසානායක ගත් තීරණය ක්‍රියාත්මක කළ හැකි බව ලේකම්වරයා සඳහන් කළා.
මෙම තීරණය ගත් අවස්ථාවේ දී මැතිවරණ කොමිසම විසින් මැතිවරණය අවසන් වන තෙක් අදාළ තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස දැනුම් දුන් අතර පසුව දේශපාලන පක්ෂ සහ ගොවි සංවිධාන විසින් එම දීමනාව මහ කන්නයට පෙර ලබා දීමේ අවශ්‍යතාවය මැතිවරණ කොමිසම වෙත පෙන්වා දුන්නා. ඒ අනුව, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා පැවසූයේ තමා ද මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට ලිඛිතව කරුණු දැක්වීමක් සිදුකළ බවයි.
එකී තීරණයත් සමග අදාළ පොහොර සහනාධාරය ඍජුවම අදාළ ගොවීන්ගේ ගිණුම් වෙත බැර කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන බව කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.