හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉල්ලා අස්වෙයි
සමගි ජන බලවේගයේ කාන්තා සංවිධානය වන වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.
ඔක්තෝබර් 13 දින පැවති මාධ්‍ය හමුවක දී ඇය මේ බව සඳහන් කළා.
මේ අතර පසුගියදා සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක අජිත් මාන්නප්පෙරුම ද ඉල්ලා අස්වී තිබුණා. ඔහු සඳහන් කළේ තමන් සමගි ජන බලවේගයෙන් ඉවත් වන බවත්, තමන් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ නොකරන ලෙසත් සිය පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටින බවයි.