NewsTop Stories

රනිල්ගේ බද්ද අනුර දීර්ඝ කරයි කරයි

විශේෂ වෙළඳ භාණ්ඩ වර්ග 5ක් සඳහා අය කරනු ලබන බද්ද 2024 දෙසැම්බර් 31 දින දක්වා එලෙසම පවත්වාගැනීමට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක, මුදල් අමාත්‍යවරයා ලෙස ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔක්තෝබර් 14 දිනැතිව නිකුත් කරන ලද අදාළ ගැසට් නිවේදනය මගින් මුදල් අමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2022 ඔක්තෝබර් 14 දින මුල්වරට පැනවූ එම භාණ්ඩ වර්ග 5කට අදාළ විශේෂ වෙළඳ භාණ්ඩ බදු 2023 ඔක්තෝබර් 14 දින තවත් වසරකින් දීර්ඝ කර තිබූ අතර මෙවර එම බද්ද තවත් මාස 3කින් පමණක් දීර්ඝ කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක පියවර ගෙන තිබෙනවා. සාමාන්‍යයෙන් වසරක කාලයක් සඳහා එම ගැසට් නිවේදනයක් බල පැවැතුන ද මෙම ගැසට් නිවේදනය මාස 3කට සීමා කර තිබේ.

මේ අතර ඊයේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක් ඇතුළු මාධ්‍ය කිහිපයක් විසින් එම පුවත වැරදි ආකාරයෙන් ප්‍රචාර කර තිබූ බව මුදල් අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. රජය විසින් භාණ්ඩ වර්ග 5ක් සඳහා “අළුතින් විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු” පනවා ඇති බවට ප්‍රචාරය වන පුවත් අසත්‍ය බව මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශය එම නිවේදනයෙන් පවසනවා.

ඒ, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ බාණ්ඩ බදු පනත යටතේ 2024 ඔක්තෝබර් මස 14 දිනැති අංක 2406/02 ගැසට් නිවේදනය මගින් භාණ්ඩ වර්ග 05ක් සඳහා බදු පනවා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කරමිනි. මුදල් අමාත්‍යංශය පෙන්වා දෙන්නේ 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ පනවනු ලබන බදු පැනවීමේ නියමයන් හි ප්‍රධාන වශයෙන් අදාළ භාණ්ඩ නිශ්චිතව රේගු සංකේතාංක සමග අදාළ බදු අනුපාතයන් සමගින් දැක්වීමත් එම නියමය බලාත්මක වන නිශ්චිත කාල පරාසය, අදාළ නියමයේ සදහන් කිරීමත් ප්‍රධානම නීතමය අවශ්‍යතාවන් 03ක් බව එහි සඳහන් කර තිබෙන බවයි.

ඒ අනුව, ආනයනික භාණ්ඩ 05ක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක කර තිබු 2353/77 දරන ගැසට් නිවේදනයේ වසරක් වු වලංගු කාලය අවසන් වු බැවින් එය නැවත එලෙසම දීර්ඝ කර ඇති බවයි එමගින් පෙන්වා දී ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *