NewsTop Stories

ජනපතිට දුන් කාලය අවසන්, පාස්කු වාර්තා හෙළි කරන්න ගම්මන්පිලගෙන් විශේෂ මාධ්‍ය හමුවක්

පාස්කු සිද්ධියට අදාළව චැනල් ෆෝ නාලිකාව විසින් එල්ල කරන ලද චෝදනා සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව සහ ප්‍රහාරය වළක්වා ගැනීමට අදාළව ආරක්ෂක අංශ කටයුතු කිරීම සම්බන්ධයෙන් සෙයා බැලීමට පත් කරන ලද කමිටු වාර්තා ජනගත කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ උදය ගම්මන්පිල ජනාධිපතිවරයාට අභියෝග කර සිටියා.

ඔක්තෝබර් 14 දින පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් උදය ගම්මන්පිල පවසා සිටියේ අදාළ වාර්තාවල දැක්වෙන පරිදි ඒවායේ ඇමුණුම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවින් ප්‍රසිද්ධ නොකරන ලෙස එම කමිටු විසින් නිර්දේශ කර ඇති බැවින් ඇමුණුම් රහිතව කමිටු වාර්තා දින 7ක් ඇතුළත ජනාධිපතිවරයා විසින් ජනගත කළ යුතු බවටයි. අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයෙකුව සිටින සමයේ මෙම වාර්තා ජනගත කිරීම වෙනුවෙන් දැඩි ලෙස හඬ නැගූ අයෙක් බව ද ගම්මන්පිල සිහිපත් කළා. එසේම අදාළ වාර්තාවල කොටස් අඩු වී හෝ අස්ථානගත වී ඇති බවට ආණ්ඩුවේ පාර්ශව සිදුකරන ප්‍රකාශයන් පදනම් විරහිත බවත්, සම්පූර්ණ වාර්තා තමන් සතුව පවතින බවත් ගම්මන්පිල සඳහන් කළා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් කැබිනට් ප්‍රකාශක විජිත හේරත් පවසා සිටියේ අදාළ වාර්තා රජයට භාර දීම සඳහා උදය ගම්මන්පිලට දින 3ක් ලබාදෙන බවටයි. ඒ අනුව, මෙම සිදුවීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විශේෂ අවධානයක් යොමු කරනු ලැබුවා. කෙසේ වෙතත් විජිත හේරත් ලබාදුන් කාලය පසුගිය සිකුරාදා දිනයෙන් අවසන් වුවද එම වාර්තා ලබා නොදීම සම්බන්ධයෙන් මේ වනතෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. විජිත හේරත්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් උදය ගම්මන්පිල කියා සිටියේ එම වාර්තා ප්‍රසිද්ධ කරන බවට ප්‍රතිඥාවක් ලබා දෙන්නේ නම් පමණක් එම වාර්තා රජයට භාර දීමට හැකි බවයි.

මේ අතර එම වාර්තා ගම්මන්පිල අතට පත් වීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව ද කැබිනට් ප්‍රකාශකවරයා පවසා තිබුණා.

මෙවැනි පසුබිමක් මත උදය ගම්මන්පිල ජනාධිපතිවරයාට ලබා දුන් කාලය ඔක්තෝබර් 21 උදෑසන 10ට අවසන් වූ අතර මේ වනවිට ඔහු විසින් විශේෂ මාධ්‍ය හමුවක් සඳහා මාධ්‍ය කැඳවා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *