NewsTop Stories

තනතුරු රැසක පුරප්පාඩු හේතුවෙන් රේගුවේ කටයුතුවලට බාධා, සහකාර රේගු අධිකාරී පත් කිරීම් තවමත් සිදුකර නෑ

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ තනතුරු පුරප්පාඩු 900කට අධික ප්‍රමාණයක් මේ වනවිට පවතින බව අනාවරණය වී තිබෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා රේගුව විසින් රේගු පරීක්ෂකවරුන් සහ සහකාර රේගු අධිකාරීවරුන් බඳවා ගැනීම සඳහා 2023 වසරේ දී අයැදුම්පත් කැඳවා තිබූ අතර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වූ අදාළ විභාගයෙන් සහ ශ්‍රී ලංකා රේගුවෙන් පැවැත්වූ සම්මුඛ පරීක්ෂණයෙන් සුදුසුකම් ලැබූ රේගු පරීක්ෂකවරුන් 145 දෙනෙකු සඳහා මේ වනවිට පත්වීම් ලබා දී තිබෙන බව රේගුව පවසනවා.

කෙසේ වෙතත් සහකාර රේගු අධිකාරී තනතුරු වෙනුවෙන් පැවැත්වූ විභාගයෙන් සමත් වූ අයැදුම්කරුවන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මගින් සම්මුඛ පරීක්ෂණයකට ලක් කර අවසන් කර තිබුණත් මෙතෙක් ඊට අදාළ පත්වීම් සිදුකර නොමැති බව රේගු ආරංචි මාර්ග පවසනවා. මෙහිදී දැනට සේවයේ නිරත රේගු නිලධාරීන් විශ්‍රාම යාම සහ උසස්වීම් ලැබීම හේතුවෙන් දෙපාර්තමේන්තුවේ ආදායම් ඉලක්ක සපුරා ගැනීම ඇතුළු මුඛ්‍ය අරමුණු ක්‍රියාත්මක කිරීම පවා අපහසු වී ඇති බව රේගු ආරංචි මාර්ග පවසනවා.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, මේ වනවිට රේගු දෙපාර්තමේන්තුව තුළ තනතුරු පුරප්පාඩු 900කට අධික ප්‍රමාණයක් ඇති අතර සහකාර රේගු අධිකාරීවරුන් කඩිනමින් බඳවා ගැනීම අත්‍යාවශ්‍ය වී තිබෙනවා. සහකාර රේගු අධිකාරී තනතුර සඳහා 2024 වසරේ පැවැත්වූ අදාළ තරඟ විභාගයෙන් සමත්ව සම්මුඛ පරීක්ෂණයකට ලක් කළ පිරිස අතරින් 166 දෙනෙකු සහකාර රේගු අධිකාරී තනතුර සඳහා පත් කිරීමට නියමිතව තිබෙනවා. මෙහිදී 10%ක ප්‍රමාණයක් කාන්තා නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ද නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *