NewsTop Stories

KDU බස් අනතුර සිදුකළ රියදුරා රිය පදවා ඇත්තේ බීමතින් රිය පැදවීම හේතුවෙන් බලපත්‍රය අත්හිටුවා තිබිය දී

බදුල්ල, දුන්හිඳ, අඹගස් හංදිය ප්‍රදේශයේ දී සිදුවූ මාරක අනතුරට අදාළව කොතාලවල රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාල බස් රථය ධාවනය කළ රියදුරුගේ බලපත්‍රය බීමත්ව රිය පැදවීම හේතුවෙන් මාස 05කට අත්හිටුවා තිබිය දී මෙම අනතුර සිදුව ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.

ගාල්ල, අක්මීමන පොලිස් වසමේ ලබුදුව ප්‍රදේශයේදී 2024 අගෝස්තු 04 දින බීමතින් රථයක් පදවා යතුරුපැදියක් අනතුරට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් අදාළ රියදුරා අගෝස්තු 06 වනදා ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 55,000ක දඩයක් නියම කර රියදුරු බලපත්‍රය මාස 05කට අත්හිටුවා ඇති බව නොවැම්බර් 05 දින ගාල්ල අධිකරණයේදී අනාවරණය විය.

ඒ අදාළ අනතුර සම්බන්ධයෙන් අක්මීමන පොලීසිය විසින් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් මගින් කරුණු ඉදිරිපත් කිරීමක් අනුවයි. දැනට වාර්තා වන ආකාරයට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ බස් රථය ධාවනය කර ඇත්තේ උඩුගම දාම්මල ප්‍රදේශයේ පදිංචි රියදුරෙකු විසින් වන අතර ඔහු සිවිල් පුද්ගලයෙකු යැයි ද වාර්තා වේ. ගාල්ල ප්‍රදේශයේ අනතුර සිදුකිරීමෙන් පසු රියදුරු බලපත්‍රය අත්හිටුවීම නිසා හිනිදුම පොලීසියේ සිය රියදුරු බලපත්‍රය අස්ථානගතවූ බවට පැමිණිලි කර වෙනත් රියදුරු බලපත්‍රයක් ලබාගෙන ඇති බවත්, පසුගියදා බදුල්ලේ සිදුවූ මාරක රිය අනතුරින් පසු ඔහු සතුව එම රියදුරු පත්‍රය තිබී ඇති බවත් අනාවරණය වී ඇතැයි ස පොලීසිය වැඩිදුරටත් අධිකරණයට වෙත කරුණු වාර්තා කර තිබේ.

මෙම කරුණු සැලකිල්ලට ගත් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණී විදානගමගේ අදාළ රියදුරු බලපත්‍රය එහි රියදුරුට මුදානොහැර තාවකාලිකව අධිකරණ භාරයේ රඳවා තබන ලෙස නියෝග කර තිබෙනවා.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසු සිසුවියන් සහ ආචාර්යවරු ඇතුළු කණ්ඩායමක් ගමන් කරමින් තිබූ බස්රථය නොවැම්බර් 01 දින බදුල්ල – මහියංගනය මාර්ගයේ දුන්හිඳ ට නුදුරු අඹගහඹය 4 කණුව ප්‍රදේශයේදී අනතුරට ලක්වූයේ සිසුවියන් දෙදෙනෙකුට ජීවිත අහිමි කරමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *