NewsTop Stories

කථානායක අසෝක රන්වල අධ්‍යාපන සුදුසුකම් ගැන වැරදි තොරතුරු දීලා නම් ඉවත් කරන්න – ආචාර්ය නිර්මාල් දේවසිරි

10 වැනි පාර්ලිමේන්තුවේ කථානායක අසෝක රන්වල තම අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් වැරදි තොරතුරු ඉදිරිපත් කර ඇත්නම් ඔහුට ඉල්ලා අස්වැන්නැයි බල කළ යුතු බවත් එසේ නොමැති නම් ඔහුව ඉවත් කළ යුතු යැයි ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කථානායකවරයා හෝ ආණ්ඩුවේ පාර්ශවයෙන් මෙතෙක් පැහැදිලි කිරීමක් සිදු කර නැත.

එම සටහන පහතින්.

රන්වල පරීක්ෂාව!!!

ආණ්ඩුව තමන් ජනතාවට දුන් පොරොන්දුව සම්බන්ධයෙන් බැරෑරුම්ව සිතන්නේ නම් කතානායක අසෝක රන්වල ගේ උපාධි පිළිබද තත්වය තමන්ම සොයා බලා ඔහු ඒ සම්බන්ධව වැරදි තොරතුරු ඉදිරිපත් කර තිබේනම් එක්කෝ අස්වන්නැයි බල කළ යුතුය. නැත්නම් ඔහු ඉවත් කිරීමට කටයුතු කළ යුතුය. රන්වල මෙහි දී වරදක් කර තිබේනම් එහි වැරදි දෙකක් ඇත. එකක් නැති උපාධි තිබේ යැයි ජනතාවට ප්‍රකාශ කිරීමයි. අනෙක මෙවැනි කාලයක මෙවැනි දේ සම්බන්ධව ප්‍රසිද්ධියේ බොරු කියා, ඒ බොරු සගවාගෙන මෙවැනි කැපී පෙනෙන තනතුරක් දැරීමට හැකි යැයි කල්පනා කිරීමයි. දෙවැනි වරද පළමු වරදට වඩා බරපතල වේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව දැනගත යුත්තේ තමන් හිස් ආවරණ, පා අවරණ හා අනෙකුත් ශරීර අවයව සදහා වූ ආවරණ නොමැතිව ප්‍රබල වේග පන්දු යවන්නන් ඉදිරියේ පන්දුවට පහරදෙන ක්‍රිකට් පිතිකරු බලකායක් මෙන් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *