ඉන්ධන හා ගෑස් මිල සංශෝධනයක් නෑ
සෑම මසකම පළමු වැනිදා ඉන්ධන මිල සංශෝධනය වීමේ ක්රමයක් රජය විසින් අනුගමනය කළ ද අගෝස්තු මාසය සඳහා එලෙස ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොකිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.
එසේම, අගෝස්තු මාසය සඳහා ලිත්රෝ සහ ලාෆ්ස් ගෑස් (ගෘහස්ථ) මිල ද සංශෝධනය නොකෙරෙන බව එම සමාගම් නිවේදනය කර තිබෙනවා.
කෙසේ වෙතත්, මෙවර විශාල ප්රමාණයකින් මිල අඩුවනු ඇති බවට බොහෝ දෙනෙකු අපේක්ෂාවෙන් සිටි අතර ඇතැමුන් සඳහන් කළේ මැතිවරණය නිසා හෝ මිල සහනයක් ලැබෙනු ඇති බවටයි.
මේ අතර ආර්ථික විශේෂඥයින් පවසන්නේ හමාස් නායකයා ඝාතනය කිරීමත් සමග ඉරානය හා ඊශ්රායලය අතර යුදමය තත්වයක් ඇති වුවහොත් ඉන්ධන සහ ගෑස් මිල බොහෝ සෙයින් ඉහළ යනු ඇති බවයි.