හමාස් නායක ඉස්මයින් හනියේ ඝාතනය කෙරේ
පලාස්තීනය කේන්ද්‍ර කරගත් හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මයිල් හනියේ මිය ගොස් තිබෙනවා. ඉරානයේ ටෙහෙරාන් නුවර හනියේ රැඳී සිටි නිවාසයකට එල්ල වූ ප්‍රහාරයකින් ඔහු ඝාතනය වී ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් වාර්තා කරනවා.
ප්‍රහාරයෙන් හනියේට අමතරව ඔහුගේ ආරක්ෂකයෙකු ද මියගොස් ඇති අතර මෙම සිදුවීමට ඊශ්‍රායලයෙන් පලි ගන්නා බවට ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ප්‍රකාශ කොට තිබෙනවා.
ඉරාන විප්ලවවාදී හමුදාව සඳහන් කළේ හනියේ ටෙහෙරාන් නුවරට පැමිණියේ නව ඉරාන ජනාධිපතිවරයා සිය ධුරයේ දිවුරුම් දුන් අවස්ථාවට සහභාගී වීම සඳහා බවයි.
මේ අතර ඉරාන අධ්‍යාත්මික නායකයා ඊශ්‍රායලය වෙත පහර දෙන ලෙස නියෝග කර ඇති බවත්, ඒ අනුව, ඉදිරි පැය 72ක කාලය තුළ ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල වනු ඇති බවටත් මේ වනවිට මත පළ වී තිබෙන අතර ඕනෑම අවස්ථාවක එවැනි ප්‍රහාරයකට තමන් සූදානම් බව ඊශ්‍රායලය ද පවසා තිබෙනවා.