HighlightsNews

අත්‍යවශ්‍ය කටයුත්තකට හැර ලෙබනනයේ සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු ඇමති ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලයි

අත්‍යවශ්‍ය කටයුත්තකට හැර ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය නොකරන ලෙස ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම් දීමක් සිදුකර තිබේ.

අගෝස්තු 02 දින විදේශ අමාත්‍ය අලි සබ්රි විසින් ඒ බව දැනුම්දී ඇත. ඒ ඉරානය විසින් ඊශ්‍රායලය වෙත පහර දීමට සූදානම් වීමත් සමග මැදපෙරදිග කලාපයේ යුදමය තත්වයක් නිර්මාණය වීමට නියමිත පසුබිමකයි.

ලෙබනනය තුළ මේ වනවිට ශ්‍රී ලාංකිකයන් 6,000ක් පමණ රැඳී සිටින බව තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *