කළුතර පොහොට්ටු අතින් අරගත් රෝහිත, රනිල්ට රට දෙන වැඩ පිළිවෙලට ලෑස්ති වෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා එම පක්ෂයේ ජාතික කැඳවුම්කරු රෝහිත අබේගුණවර්ධන ද 2024 ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.
අගෝස්තු 04 දින කළුතර පැවති රැස්වීමක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ රටට ඇහුන්කන් දී එම මතයට හිස නමමින් රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන බවයි.
“රට ඉදිරියට යන ගමනෙදි ජනතා විමුක්ති පෙරමුණට මේ රට දෙනවද? උදේ කියන එක හවස දන්නේ නැති වැඩිපුර කතා කරන සජිත්ට 22 වෙනිදාට මේ රට දෙනවද? මේ කයියනායකවරුන්ට රට දෙනවද? රට වෙනුවෙන් තීන්දුවක් ගන්නවද? ඒ නිසා මම ඔබට ඇහුන්කන් දීලා, රටට ඇහුන්කන් දීලා මම ඔබේ මතයට හිස නමමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ රටේ ජනාධිපති කරනවන වැඩපිළිවෙළට මම ලෑස්ති වෙනවා.” මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.