වාස් ඇතුළු 6ට ලබා දුන් මරණ දඩුවම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ස්ථිර කරයි
2013 වසරේ බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ෂියාම් නමැත්තා පැහැරගෙන ගොස් මරා දැමීම ඇතුළු අධිචෝදනාවලට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකු වරදකරුවන් කරමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මරණීය දණ්ඩනය නියම කරමින් ලබා දී තිබූ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (08) දින තහවුරු කරනු ලැබීය.
ඒ මහාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට එරෙහිව ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පෙත්සම්කරුවන් ඉල්ලා තිබුණේ තමන්ව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසයි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබාදුන් අතර මරණීය දණ්ඩනය තහවුරු කරන ලද විත්තිකරුවන් අතර වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන, උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරු තිදෙනෙකු ඇතුළත්ව සිටී.