හරීන් හා මනූෂ ගැන මදුෂාන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන හිටපු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සමගි ජනබලවේගය විසින් විනය ක්‍රියාමාර්ග ගැනීම සහ පක්ෂයෙන් ඉවත් කිරීමට ගත් තීරණය නීත්‍යානුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කිරීම සම්බන්ධයෙන් පළ කර තිබූ පුවත්පත් වාර්තා කියවන වැඩසටහනක් අතරතුර මාධ්‍යවේදී මදුෂාන් ද සිල්වා විසින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබේ.
අගෝස්තු 10 දින හිරු නාලිකාවේ විකාශය වූ පත්තරේ විස්තරේ වැඩසටහන ඉදිරිපත් කරමින් අදාළ අධිකරණ තීන්දුව, මන්ත්‍රීවරුන්ගේ ඉවත්වීම සහ එමගින් හිස්වූ පාර්ලිමේන්තු අසුන් සම්බන්ධයෙන් වන පුවත් කියවීමෙන් පසු ඒ සම්බන්ධයෙන් මදුෂාන් ද සිල්වා සඳහන් කළේ එය මාර රඟපෑමක් බවයි. මන්ත්‍රීධූරය නැති වූ පසු ඇමතිධූර තබා ගත නොහැකි බවත්, එකී හැසිරීම් රඟපෑම් බවත් ඔහු කියා සිටියා.
එහිදී අදහස් දැක්වූ මදුෂාන් ද සිල්වා…
“මරු නළුවෝ නේද, ජෝ අබේවික්‍රම, ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග පරාදයි. නියම නළුවෝ. ඇයි දැන් මේකනේ කාරණේ. දැන් පක්ෂෙකින් යනවා පාර්ලිමේන්තුවට. ගිහිල්ලා ඒ පක්ෂෙට පිටුපාලා වැඩ කරාම, පක්ෂෙ ව්‍යවස්ථාවක් තියෙනවා, ඒ ව්‍යවස්ථාවට අනුව පක්ෂෙ කටයුතු කරනවා, පක්ෂෙන් නෙරපන්න. දැන් ඒ නෙරපපු තීරණයත් හරි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයත් දෙනවා තීන්දුවක්. ඊට පස්සේ නේ, මාර රඟපෑම, ෆොටෝ ගලවනවා, මාධ්‍ය සාකච්ඡා තියෙනවා, අපි ඇමතිකම් දාලා යනවා, දාලා යන්න දෙයක් නෑ, මන්ත්රීකම් නැති උනාම ඇමතිකම් නැතිවෙනවා. මන්ත්‍රීකමක්වත් පාර්ලිමේන්තුවේ නැති උනාට පස්සේ ආයි ඇමතිකම් තියාගන්න විදියක් නෑ. ඒක තමයි අපි කිව්වේ මරු නළුවෝ කියලා ඉතින්….”
ඉන්පසු එම පුවතට අදාළ වීඩියෝ වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු වඩාත් හාස්‍යජනක ලෙස අදහස් පළ කරමින් මාධ්‍යවේදී මදුෂාන් ද සිල්වා විසින් මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු සිදුකළ ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් පවසා සිටියේ UNP නායකයින්ට ගෙම්බන්ගේ ජාන තිබූ බවක් තමන් දැන නොසිටි බවයි. එසේම ඒ දෙදෙනාට වඩා ගෙම්බෝ හොඳ බව ද දීර්ග වශයෙන් අදහස් දක්වමින් මදුෂාන් ද සිල්වා කියා සිටියා.
වැඩිදුරටත් අදහස් දැක්වූ මදුෂාන් ද සිල්වා…
“අනික අපි නම් අහලා නෑ ජීවිතේට ඔය UNP එකේ නායකයෝ ගැන කිව්වානේ, ප්‍රේමදාස, ගාමිණී දිසානායක, ඒගොල්ලොන්ගේ ජාන තිබ්බා කියලනේ කියන්නේ, අපි නම් අහලා නෑ ඒගොල්ලන්ට ගෙම්බොන්ගේ ජාන තිබ්බා කියලා… ගාල්ල පැත්තේ ගෙම්බොත් පරාදයි මනූෂ නානායක්කාර මහත්තයා පැනපු පැනිල්ලට. එක පාරක් ගියා අප්පච්චිගේ දෑත් ශක්තිමත් කරන්න කියලා ගියා. අන්තිමට එතුමා ශක්තිමත් වෙච්ච එක විතරයි උනේ අප්පච්චිගේ නම් දෑත් ශක්තිමත් උනේ නෑ. ආපහු වාසි වෙද්දි ආපහු මෙහෙට ආවා. ආපහු වාසි වෙද්දි ආපහු අර පැත්තට ගියා. ඒ නිසා ජාන සම්බන්ධ ප්‍රශ්නෙ දී ගෙම්බොන්ට තමයි ප්‍රශ්නයක් වෙන්නේ, ගෙම්බොවත් එහෙම එහාට මෙහාට පැනලා නෑ. දැන් දෙන්නටම වැඩක් තියෙනවා කරන්න, ලක්ෂ ගණන් කෝටි ගණන් වියදම් කරලා සංදර්ශන දාපුවා නේද, දැන් ඒවා ගැන පැමිණිලි ඇවිල්ලා තියෙනවා, ඒවට උත්තර බඳින්න, මොකද්ද උනේ කියන්න, ලක්ෂ ගණන් අරන් මොකද කරේ, ඇයි එහෙම කරේ කියන්න, වගඋත්තර බඳින්න දැන් අවස්ථාව තියෙනවා දැන් ගෙදට්ට වෙලා පාඩුවේ, දැන් හරීන් ප්‍රනාන්දු කියනවා එයා මොකද්ද ආශ්වාදයක් ලැබුවාලු මොකද්ද එකක් කරලා, ඔබ හිතන්න මේ රටේ අහිංසක ජනතාවගේ ඡන්දෙන් පක්ෂෙකට හම්බෙච්ච ඡන්දෙන් පාර්ලිමේන්තු ඇවිල්ලා ඒ අයගේ ආශ්වාදය වෙනුවෙන් ඒ අය වැඩ කරන්නේ. දැන් ගෝඨා ගෝ හෝම් කියලා ගෝඨා ගෙදර යන්න කලින් ගිහින් ඇමතිකම් ගත්තා, රනිල්ට බෑ බෑ බෑ කියලා ඇමති කට්ටක් දුන්න ගමන් එතැන්ට ගියා, ඒ නිසා අපිට කියන්න තියෙන්නේ ඉතින් නේද, ඒ දෙන්නට වඩා හොඳයි ගෙම්බෝ කියලා තමයි ඉතින් අපට අවසානේ කියන්න තියෙන්නේ….”