අනුර කුමාර ජනතාවට ලස්සන ජීවිතයක් දෙන ජයග්‍රාහී අත්සන තබයි
2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජනබලවේගයෙන් ඉදිරිපත් වන අනුර කුමාර දිසානායක අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබේ.
ඒ අගෝස්තු 12 දින පෙරවරුවේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී ය. මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු එම පක්ෂවල ජාතික විධායක සභිකයින් සහභාගි වූහ.
අත්සන් තැබීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මාධ්‍ය වෙත අදහස් දැක්වීය.
“අපේ රට විශාල අර්බුද ගණනාවක හිටපු පාලක පන්තීන් විසින් ගිල්වලා තිබෙනවා. මේ අභියෝගයෙන් අපේ රටත් ජනතාවත් මුදා ගැනීමේ අභියෝගයට ජාතික ජනබලවේගය සූදානම්… ජනාධිපතිවරණය ඉතාම තීරණාත්මකයි. අපි තබන ලද මේ අත්සන සහතික වශයෙන් ජයග්‍රාහී අත්සනක් බවට අපිට පරිවර්තනය කළ හැකියි. අනෙක් කඳවුරු එක එක කණ්ඩායම්වලට බෙදිලා, කැඩිලා එක එක කුණු එකතු කරන තත්ත්වයකට පත්වෙලා. ජාතික ජන බලවේගය අවුරුද්දකට එකහමාරකට කලින් අපි පටන් ගත්තේ. අපි ඉතාමත් ශක්තිමත්ව, සංවිධානාත්මකව මහජනතාව දැනුවත් කරමින් අද දක්වා මේ ගමන දියත් කරලා තියෙනවා. මේ දින කිහිපය තුළ ඉතාමත් ශක්තිමත්ව අපිට මේක මෙහෙයවිය හැකියි. ඉන් අනතුරුව අපේ රට පොහොසත් රටක් බවට පත්කරන අභියෝගයත්, ජනතාවට ලස්සන ජීවිතයක් උරුම කර දීමේ අභියෝගයත් ජාතික ජන බලවේගය බාරගන්න සුදානම්.”