ටී.එම්. ඩිල්ෂානුත් සජිත්ගේ සහායට යයි
2024 ජනාධිපතිවරණයේ දී සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන තිලකරත්න ඩිල්ශාන් තීරණය කර තිබේ.
ඒ පක්ෂ මූලස්ථානයේ දී සජිත් ප්‍රේමදාස හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි. එම අවස්ථාවට තිලකරත්න ඩිල්ෂාන්ගේ බිරිඳ වන මංජුලා තිළිණි ද සහභාගී වී සිටියාය.