අල්ලගත්ත එක හොරක් ඉන්නවාදැයි චමුදිත ජාතික ජනබලවේගයෙන් විමසයි
බොහෝ දේශපාලනඥයින් සමග සිටියත්, කෝප් කමිටුවේ කෝපා කමිටුවේ සිටියත්, ෆයිල් 400ක් ගැන කිව්වත් අල්ලපු එක හොරෙක් ඉන්නවාදැයි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ජාතික ජනබලවේගයෙන් විමසයි.
ජාතික ජනබලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ කළ ප්‍රකාශයකට අදාළ පුවත්පත් වාර්තාවක් අගෝස්තු 14 දින පෙරවරුවේ හිරු නාලිකාවේ විකාශය කළ පත්තරේ විස්තරේ වැඩසටහනේ දී ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මේ බව විමසා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චමුදිත සමරවික්‍රම
“අපිට දැනගන්න ඕනේ, චන්ද්‍රිකාත් එක්ක හිටියා, මහින්දත් එක්ක හිටියා, එස්.එෆ් එක්ක හිටියා, මෛත්‍රී එක්ක හිටියා, රනිල් එක්ක හිටියා, කෝප් කමිටුවේ හිටියා, කෝපා එකේ හිටියා, දූෂණ මර්ධන කමිටුවේ හිටියා, ෆයිල් 400ක් තිබුණා, අල්ලපු එක හොරකේ අපිට කියන්න පුලුවන්ද? ඔය ෆයිල් 400යේ කොහෙවත් තියෙවද දන්නේ නෑ නේද බැඳුම්කරේ ෆයිල් එක? නෑයි කියලා තමයි ආරචිය තියෙන්නේ. තියෙනවද දන්නෑ. අපිට පුලුවන් නම් අල්ලපු එක හොරෙක්, දෙන්නෙක් එපා. එක හොරෙක්ගේ නමක් පොඩ්ඩක් කියන්න. ලොකු උදව්වක්. දන්නෙ නැති නිසා විතරයි අහන්නේ. චැලේන්ජ් එක්ක අභියෝගයක් මොකක්වත් නෙමෙයි. මේ දන්නේ නැති නිසා අහන්නේ. අල්ලපු එක හොරෙක්, අල්ලගත්ත එක රැපියලක්, එක ඩොලරයක් තියෙනවා නම් කියන්න. සමහර වෙලාවට අපි වරදින්න පුළුවන්නේ. වැරදීම මනුෂ්‍ය ගතියක්, ඒ නිසා විතරක් කියන්න.” යනුවෙනි.