විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට සජිත්ගෙන් සහතිකයක්
තමා තනතුරුවලට කෑදර අයෙකු නොවන බවත්, තමා ජනාධිපති වූ පසු විධායක ජනාධිපති ධුරය අනිවාර්යෙන්ම අහෝසි කරන බවටත් සමගි ජන බලවේග ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහතික වෙයි.
ඒ අගෝස්තු 18 දින රුවන්වැල්ලේ පැවති ජන රැළියකට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස,
“රටේ ජනාධිපති අද රාජපක්ෂලා ආරක්ෂා කරනවා. මට කියනවා පැනලා ගියාලු. මම පැනලා ගියේ නැහැ. මම කවදාවත් වෙනත් අපේක්ෂකයෝ දැම්මේ නැහැ. කී දෙනෙක් කිව්වද ජනාධිපති ක්‍රමය ගැන. කවුරුත් වෙනස් කළේ නෑ. මට මේ තනතුරු ආසාව නැහැ. තනතුරු කෑදරකම නැහැ. මම විධායක ජනාධිපති ක්‍රමය අනිවාර්යයෙන්ම ඉවත් කරනවා.”