අර්ජුන් මහේන්ද්‍රන්වත් ගේනවා, ඊළඟට ඔයත් ගේනවා – අනුර කිරිබත්ගොඩ දී රනිල්ට උත්තර දෙයි
මහ බැංකු වංචාවට අධිකරණයෙන් රතු වරෙන්තු නිකුත් කර සිටින අර්ජුන මහේන්ද්‍රන්ව ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ ශ්‍රී ලංකාවට රැගෙන එන බව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.
“රට අනුරට” ජන රැළි මාලාවේ අගෝස්තු 18 දින කිරිබත්ගොඩ පැවති ජන රැළියකට එක්වෙමින් අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දා අනුරාධපුරයේ පැවති ජන රැළියක දී “අනුර මේකට උත්තර කියාපිය, දියාපියෝ” යනුවෙන් කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක,
“මං දැක්කා අනුරාධපුරයේදී රනිල් වික්‍රමසිංහ අහනවා ප්‍රශ්නයක් අනුර මේකට උත්තර දීපිය, කියාපිය, ආ දියාපියෝ. අපි අපහාස කරන්න ඕන නැහැනේ, අපි කවුරුත් වයසට යනවානේ. මං එක උත්තරයක් කියන්නම්. මහ බැංකු වංචාවට සම්බන්ධවෙලා අධිකරණයෙන් රතු වරෙන්තු නිකුත් කරලා සිංගප්පූරුවට පැනලා ඉන්න අර්ජුන මහේන්ද්‍රව අපි ලංකාවට ගේනවා. අර්ජුන මහේන්ද්‍රන් කෝප් කමිටුවේ කටඋත්තරයක් දුන්නා මේ ගණුදෙනුව කරන්න කියලා උපදෙස් දුන්නේ මහ බැංකු භාර ඇමති රනිල් වික්‍රමසිංහ කියලා. අර්ජුන මහේන්ද්‍රන්ව රටෙන් පැන්නුවා. ඒ නිසා එයා ඇහුවනේ කරන්නේ මොකක්ද කියලා. කරන ප්‍රධානම වැඩක් තමයි අර්ජුන මහේන්ද්‍රන්ව ගේනවා. උසාවිය කටඋත්තර ගන්නවා. ඊළඟට ඔයත් ගේනවා. ඔච්චරයිනේ. මේක වැඩිය කියන් නැතුව කරන්න හිතන් හිටියේ. අහපුවාම නොකියාත් බැහැනේ”.