දේශබන්දුට එරෙහි අතුරු නියෝගය ඉවත දමන්නැයි භික්ෂුන් පිරිසකගෙන් අතරමැදි පෙත්සමක්
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ඉවත දමන්නැයි ඉල්ලා බෞද්ධ භික්ෂූන් කිහිපදෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අතරමැදි පෙත්සමක් ගොනු කර තිබෙනවා.
බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධර්මරත්න, කොල්ලූපිටිය රාහුල සහ මහාචාර්ය අගලකඩ සිරිසුමන යන හිමිවරුන් විසින් මෙම අතරමැදි පෙත්සම් ගොනු කර ඇත්තේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වමින් නියෝගයක් ඉල්ලා අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් පියතුමා ඇතුළු විශාල පිරිසක් ගොනුකර තිබූ පෙත්සම් විභාගයට මැදිහත් වීමට අවසර ඉල්ලමිනි.
කෙසේ වෙතත් අදාළ මුල් පෙත්සම් විභාගයට ගැනීමට තීන්දු කරමින් ජූලි 24 දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.