2024 Presidential ElectionPoliticsTop Stories

රනිල් ළඟ සිටි ගීතා සජිත් ළඟට පනී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ 2024 ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක හා සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව සැප්තැම්බර් 09 දින මහනුවර පැවැති සමගි ජන බලවේගයේ ජන රැලියකට සහභාගී වී සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරයට එක්ව සහයෝගය පළ කළාය.

රංගන ශිල්පිනියක්ව ජනතාවගේ දැඩි ප්‍රසාදයක් දිනා සිටි ගීතා කුමාරසිංහ මේ වන විට දේශපාලන චරිතයක් බවට පත්ව සිටින අතර රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට තීරණය කිරීමෙන් පසු කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය පත් කර තිබුණි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඇය විපක්ෂයට සහාය දීමට තීරණය කිරීම හේතුවෙන් ඇයගේ අමාත්‍යධූරය අහිමි කිරීමට ජනාධිපතිවරයා තීරණය කරනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *