2024 Presidential ElectionPoliticsTop Stories

1,2,3 මනාප වැදගත් නෑ, සිදුකළ යුත්තේ මාලිමාව ඉදිරියේ කතිරය ගැසීම පමණයි – නලින්ද ජයතිස්ස

මාලිමාව ඉදිරියෙන් කතිරයක් සලකුණු කිරීම පමණක් ප්‍රමාණවත් බවත් 1,2,3 මනාප සලකුණු කිරීම වැදගත් නොවන බවත් ජාතික ජනබලවේගයේ විධායක සභික නලින්ද ජයතිස්ස පවසනවා.

අනෙකුත් අපේක්ෂකයින් එක් කඳවුරකයට අයත් පිරිසක් බවත්, ඔවුන් වෙන වෙනම තරඟ කළත් අවසන් මොහොතේ දී ඔවුනොවුන් අතරේ මනාප සලකුණු කරන ලෙස ඉල්ලා සිටිය හැකි බවත් හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව රනිල් වික්‍රමසිංහගේ පාර්ශවය සජිත් පිලට දෙවැනි මනාපය යෝජනා කරන්නේ නම් හෝ සජිත් ප්‍රේමදාසගේ පාර්ශවය රනිල් පිලට දෙවැනි මනාපය යෝජනා කරන්නේ නම්, එයින්ම පෙනී යන්නේ රට විනාශ කළ මේ සියලු දෙනාම එකම කණ්ඩායමක්
වන බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *