2024 Presidential ElectionPoliticsTop Stories

ජනාධිපති අපේක්ෂකයෙකු සහභාගී වන රූපවාහිනි වැඩසටහනක් කලින් පටිගත කර සජීවී ලේබලයෙන් විකාශය කිරීමට යන බව චෝදනා

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයෙකු සහභාගී වන රූපවාහිනි වැඩසටහනක් සජීවීව විකාශය කිරීමට එම අපේක්ෂකයා අකැමැත්ත පළ කර ඇති බවට තොරතුරු වාර්තා වේ. ඒ අනුව, එම වැඩසටහන විකාශය කිරීමට නියමිත එම ජනාධිපති අපේක්ෂකයාට ඍජුවම සහාය දක්වන රූපවාහිනි නාලිකාවක් විසින් අදාළ වැඩසටහන පෙර පටිගත කර අවශ්‍ය ආකාරයෙන් සංස්කරණය කොට විකාශය කිරීමට මේ අනුව එකඟ වී ඇති බව එම තොරතුරුවලින් වැඩිදුරටත් වාර්තා වේ.

අදාළ අපේක්ෂකයා කිසිඳු සංවාදයකට සහභාගී වී නොමැති අයෙකු බවත්, එම අපේක්ෂකයා තමන්ට සහාය දක්වන්නෙකු සමගවත් සජීවී සංවාදයක් ලෙස පැවැත්වීමට කැමැත්තක් නොදක්වන බවත් වාර්තා වන අතර අදාළ වැඩසටහන “සජීවී විකාශයක්” ලෙස හුවාදක්වමින් විකාශය කිරීමේ සූදානමක් ඇති බවට ද වැඩිදුරටත් වාර්තා වේ. කෙසේ වෙතත් මැතිවරණ කටයුතු නිරීක්ෂණයේ හී නිරත නීතිඥවරුන් කණ්ඩායමක් සඳහන් කළේ තමන් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන බවත්, අවශ්‍ය ආකාරයෙන් පැමිණිලි කිරීමටත්, පෙර පටිගත කරන ලද වැඩසටහනක් සජීවී විකාශයක් ලෙස පෙන්වුවහොත් අදාළ මාධ්‍ය ආයතනය වටලන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *