2024 Presidential ElectionPoliticsTop Stories

සජිත් දෙරණ 360 අවසන් මොහොතේ මඟ හරී, එන බව කිව්වෙත් නෑලු

2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ට අවස්ථාවක් සැලසීම සඳහා මුහුණට මුහුණ සම්මුඛ සාකච්ඡා මාලාවක් දෙරණ නාලිකාව විසින් පැවැත්වූ අතර ඒ සඳහා මාධ්‍යවේදී කලිඳු කරුණාරත්න මෙහෙයවන 360 වැඩසටහන වෙන් කර තිබුණි.

මේ සඳහා මේ වනවිට නාමල් රාජපක්ෂ, සරත් ෆොස්සේකා හා අනුර කුමාර දිසානායක යන අපේක්ෂකයින් සහභාගී වූ අතර පෙර පටිගත කරන ලද වැඩසටහනක් ලෙස එය ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව, අපේක්ෂකයින් විසින් තහවුරු කළ පරිදි දෙරණ ආයතනය සැප්තැම්බර් 16 දින අනුර කුමාර දිසානායකටත්, 17 දින සජිත් ප්‍රේමදාසටත්, 18 දින රනිල් වික්‍රමසිංහටත් වෙන් කර තිබූ අතර සජිත් ප්‍රේමදාස 17 දින පෙරවරුවේ දී තමන් එම වැඩසටහනට සහභාගී නොවන බව ඒරානන්ද හෙට්ටිආරච්චි මාර්ගයෙන් දැනුම් දී තිබූණි. ලිපියෙන් මාර්ගයෙන් කළ දැනුම් දීම අනුව, සජිත් ප්‍රේමදාස කාර්යබහුල බවත්, ඔහු එම වැඩසටහනට සහභාගී වන බව තහවුරු කර නොතිබූ බවත්, පූර්ව ප්‍රචාරක පට ඔස්සේ දැනගත් බවත් එබැවින් වහාම එම පූර්ව ප්‍රචාරක පට ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙසත් දෙරණ ආයතනය වෙත දැනුම් දී තිබුණි.

ඊට පිළිතුරු ලෙස දෙරණ ආයතනය විසින් ද ලිපියක් යොමු කරමින් පවසා තිබුණේ අවස්ථා ගණනාවක දී සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් ෆොන්සේකා ඇතුළු අය සමග මේ වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, ඒ කිසිඳු අවස්ථාවක් සජිත් ප්‍රේමදාස සහභාගී නොවන බවක් සඳහන් නොකළ බවයි.

පසුව හදිසියේම එම වැඩසටහන අවලංගු කිරීමට සිදුවීම හේතුවෙන් විශේෂ වාදපිටිය වැඩසටහනක් පැවැත්වූ අතර නලින්ද ජයතිස්ස, මනූෂ නානායක්කාර, ඩී. වීරසිංහ, අජිත් මාන්නප්පෙරුම සහ ගෙවිඳු කුමාරතුංග යන පිරිස ඊට සහභාගී විය. එහිදී මනූෂ නානායක්කාර සඳහන් කළේ සජිත් ප්‍රේමදාස යනු මෙවැනි වැඩසටහන්වලට බිය අයෙකු බවත්, ඒවායෙන් පැන යාම සිරිත වී ඇති බවත් ය.

එසේම බන්ධනාගාරගත සිරකරුවෙකු නිදහස් කර ගැනීම සඳහා සජිත් ප්‍රේමදාසට සහාය පළ කරන මාධ්‍ය ආයතනය ආකාරයෙන් ආයතනයේ හිමිකරුම පැමිණ වැඩසටහන සිදුකර දී ප්‍රශ්නත් උත්තරත් මාධ්‍යවේදීන් විසින්ම අසනවා නම් සජිත් ප්‍රේමදාස දෙරණට වුවත් පැමිණෙනු ඇති බවටයි.

නලින්ද ජයතිස්ස සඳහන් කළේ සජිත් ප්‍රේමදාස මෙවැනි වැඩසටහන්වලින් පලා යාම සම්බන්ධයෙන් තමන්ට අත්දැකීම් ඇති බවත්, නායකයින් අතර විවාදය ජාතික ජනබලවේගය වෙනුවෙන් සම්බන්ධීකරණය කළේ තමන් බවත්, සජිත් ප්‍රේමදාස එවැනි ආකාරයෙන් විවාදවලට තබා සම්මුඛ සාකච්ඡාවකටවත් සහභාගී නොවන අයෙකු බවයි.

අජිත් මාන්නප්පෙරුම කියා සිටියේ තමන්ට ද පක්ෂය විසින් යොමු කළ ලිපියේ පිටපතක් ලැබුණු බවත්, සජිත් ප්‍රේමදාස පලා යන්නෙකු නොවන බවත්, මෙම වැඩසටහනට සහභාගී වීම තහවුරු කර නොතිබූ කටයුත්තක් බවයි. ඊට මැදිහත් වූ මාධ්‍යවේදී චතුර අල්විස් විසින් සජිත් ප්‍රේමදාස එය තහවුරු කර තිබූ බවත්, කිසිවිටෙක තමන් සහභාගී නොවන බව සජිත් ප්‍රේමදාස සඳහන් නොකළ බවත් පෙන්වාදුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *