රේගු නිලධාරී නන්දික සනත් කුමානායක ජනාධිපති ලේකම්ධූරයට පත් කෙරේ
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයෙකු වූ නන්දික සනත් කුමානායක නමැති අයෙකු ජනාධිපති ලේකම්වරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කර තිබේ.
සැප්තැම්බර් 23 දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම පත් කිරීම සිදුකර ඇති අතර නන්දික සනත් කුමානායක යන අය ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සේවය කළ රේගු නිලධාරියෙකු වන අතර ආචාර්ය කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි. නන්දික කුමානායක සංවර්ධන ආර්ථිකය පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙක් ද වේ.
සාමාන්‍යයෙන් ජනාධිපති ලේකම්ධූරයට පත්කරනු ලබන්නේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු වන අතර පරිපාලන සේවයට පිටින් පත් කරන අවස්ථාවලදී රජයේ සේවකයෙකු වන එහෙත් රාජ්‍ය සේවයේ දීප ව්‍යාප්ත සේවාවක නොවන අයෙකු පත් කිරීම ද මීට පෙර සිදුවී නැත. ඒ අනුව මෙම පත් කිරීම නැවුම් ආකාරයක පත් කිරීමක් වේ.