NewsTop Stories

අංක තහඩු නැති වාහන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමති ලොහාන් පොලිස් අත්අඩංගුවට

නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ සිය බිරිඳට අයත් නිවසක තිබියදී අංක තහඩු නොමැති මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට ගෙන තිබේ. මහනුවර ප්‍රදේශයේ දී එලෙස හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

ඔක්තෝබර් 26 දින පොලිසියට ලැබුණු තොරතුරක් මත ලියාපදිංචි අංක තහඩු නොමැති අදාළ මෝටර් රථය සොයාගෙන තිබූ අතර එය හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේ යන අයට අයත් මිරිහාන ඇඹුල්දෙණිය ශාලාව පාරේ පිහිටි නිවසක නවත්වා තිබිය දී සොයාගෙන තිබුණි.

අදාළ තොරතුරු අනුව මිරිහාන පොලීසිය නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව එම රථය පොලිස් භාරයට ගෙන තිබූ අතර එහිදී හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳ පොලීසියට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා තිබුණේ, තම මව අදාළ නිවසේ පදිංචිව සිටින අතර මීට දින කිහිපයකට පෙර මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්වූ රත්වත්තේගේ පෞද්ගලික ලේකම්වරයා සති 3කට පෙර අදාළ රථය එම නිවසේ ගරාජයට ගෙනවිත් දැමූ බවටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *