NewsTop Stories

කථානායකගේ අධ්‍යාපන සුදුසුකම් ගැන ළඟදීම පැහැදිළි කිරීමක් – කැබිනට් ප්‍රකාශක

කථානායක අසෝක රන්වලගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ඔහු ළඟදීම පැහැදිළි ප්‍රකාශයක් කරනු ඇති බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ වනවිට පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ද කථානායකවරුන්ගේ නාමාවලිය තුළ “ආචාර්ය” යන යෙදුම ඉවත් කොට ඇති බව නිරීක්ෂණය වන අතර අනෙකුත් සියලු ස්ථානවල “ආචාර්ය අසෝක රන්වල” ලෙස යොදා ඇති බව ද නිරීක්ෂණය වේ. මේ වනවිට අදාළ සිදුවීම සම්බන්ධයෙන් සමාජ ජාලා තුළ දැඩි කතාබහක් නිර්මාණය වෙමින් පවතිනවා. එසේම කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් සහ මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය විසින් ඒ සම්බන්ධයෙන් විමසා සමාජ ජාල තුළ සටහන් පළ කර තිබුණා.

මේ සම්බන්ධයෙන් යූටියුබ් නාලිකාවක් සඳහන් කර ඇත්තේ අසෝක රන්වලට ජපාන වසේඩා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලැබී ඇති බවත් ඊට අදාළ සහතිකය තවමත් ලැබී නොමැති බවත් පවුලේ ඥාතීන් විසින් ප්‍රකාශ කර ඇති බවයි. ඒ අනුව, අදාළ සහතිකය ලැබුණු පසු අසෝක රන්වල විසින් ප්‍රකාශයක් සිදුකරනු ඇති බවත් මෙය හුදෙක් මඩ ව්‍යාපාරයක් බවත් පවුලේ ඥාතීන් පවසා තිබෙනවා. එසේම, ඔහු විසින් මෙතෙක් කිසිඳු ස්ථානයක “ආචාර්ය” යනුවෙන් භාවිතා කර නොමැති බව ද එම ඥාතීන් වැඩිදුරටත් පවසා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *