විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්ධූරයට
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ නව ලේකම්වරයා ලෙස වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපිය අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් විශේෂඥ වෛද්‍ය ජාසිංහ වෙත පිළිගැන්වීය.
විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යුක්රේනයේ වෛද්‍ය විද්‍යාලයකින් සිය වෛද්‍ය උපාධිය ලබාගෙන ඇති අතර කොළඹ විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාද් උපාධියක් හා ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාද් උපාධියක් ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාද් උපාධියක් ද ලබාගෙන තිබෙනවා.
කොරොනා වසංගත සමයේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්ධූරයේ කැපී පෙනෙන කාර්යභාරයක් කරමින් සිටිය දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් 2020 වසරේ දී ඔහුව පරිසර අමාත්‍යංශ ලේකම්වරයා ලෙස පත් කර තිබූණි. පසුව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයෙකු ලෙස ද කටයුතු කර ඇත.