(RIVIRA.LK/Breaking, 2020 November 08, 01.16P.M.)
කොවිඩ්-19 පැතිරීම පාලනය කිරීම සඳහා බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කර තිබෙන ඇඳිරි නීතිය නොවැම්බර් 09 පෙරවරු 05ට ඉවත් කළ ද සෞඛ්යාරක්ෂිත තත්ත්වයන් සළකා බලා රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුතු වන්නේ අත්‍යවශ්‍ය වන අවම කාර්ය මණ්ඩලයක් පමණක් බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.
මෙහි දී ඒ ඒ ආයතන ප්‍රධානීන් විසින් සේවයට කැඳවන අවම කාර්ය මණ්ඩලය සම්බන්ධව තීරණයය කළ යුතු බව ද සෙසු කාර්ය මණ්ඩලය දැනට ක්‍රියාත්මක කෙරෙන නිවසේ සිට රාජකාරි කිරීමේ ක්‍රමය සිදුකළ යුතු බව ද රාජ්‍ය සේවා අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි දන්වා සිටී.
