(RIVIRA.LK/Breaking, 2020 November 08, 02.13P.M.)
නොවැම්බර් 09 පෙරවරු 05ට ඇඳිරි නීතිය අවසන් කිරීමෙන් පසු යළිත් කාර්යාල දුම්රිය ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
එහෙත් හුදකලා ප්‍රදේශ ලෙස නම්කර ඇති පොලිස් බලප්‍රදේශයන් හී තිබෙන දුම්රිය ස්ථානවල එම දුම්රිය නොනවත්වා ධාවනය කෙරෙන බව ද දුම්රිය ගමනාගමන අධිකාරී ඩබ්ලිව්. ඩී රංජිත් පත්මලාල් පවසා සිටියා.
කෙසේ වෙතත්, දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට යටත්ව නොවැම්බර් 09 දින සිට උදෑසන සහ පස්වරු කාර්යාල දුම්රිය ධාවනය කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව ද ඔහු සඳහන් කළා.
දුම්රිය නොනවත්වන ප්‍රදේශ පහතින්.

