(RIVIRA.LK/Breaking, 2020 November 08, 12.20P.M.)
නැගෙනහිර කොළඹ මූලික රෝහල හෙවත් මුල්ලේරියාව රෝහලට කොවිඩ්-19 ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා භාවිතා කෙරෙන උපස්ථ (දැනට ඇති යන්ත්‍රය නොමැති වුවහොත් භාවිතා කළ හැකි) පීසීආර් යන්ත්‍රයක් නොමිලයේ ලබාදීමට චීනයේ BGI Genomics සමාගම කටයුතු කර තිබෙනවා.
මෙරට චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ යම් හෙයකින් දැනට භාවිත කරන යන්ත්‍රයේ දෝෂයක් ඇතිවුවහොත් නව යන්ත්‍රය භාවිත කළ හැකි බවයි.
එම රෝහලේ පීසීආර් යන්ත්‍රය දින කිහිපයක් තිස්සේ අකර්මන්‍යව පැවති අතර චීන තාක්ෂණික කණ්ඩායමක් විසින් එය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළේ ය. එම ට්විටර් පණිවුඩයෙන් ඔවුන් වැඩිදුරටත් කියා ඇත්තේ එම යන්ත්‍රය සැකසීමට පැමිණි චීන තාක්ෂණික කණ්ඩායම පැමිණීමට සහ උපදේශනය සඳහා වන මුදල ගෙවීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කර ඇති බවයි.
