(RIVIRA.LK/Breaking, 2020 November 08, 12.45P.M.)
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරදා ඇමරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව සිටින්නේ ජෝ බයිඩන් වන අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඔහුට සුබ පැතුම් එක් කර තිබෙනවා.
එක්සත් ජනපද ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කරගෙන සිටින ජෝ බයිඩෙන්ට ට්විටර් පණිවුඩයක් හරහා සුබ පැතුම් එක් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා බයිඩන් සමඟ සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බවයි.
